ශ්‍රි ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය – පළමු ටෙස්ට් තරගය අද

Share

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද චිතගොන් හිදී ආරම්භ වනවා

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පළමු තරගයට සහභාගී නොවන බව පැවසූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශඛිබ් අල් හසන් කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු වීම නිසා අද තරගය ක්‍රීඩා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසනවා.

සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර බංග්ලාදේශ නායකත්වය මොමිනුල් හක් හට හිමිවී තිබේ.


මෙරට වේලාවෙන් උදෑසන 9.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News