ඇන්ජිගේ ශතකයෙන් පළමු දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ චිතගොන් හිදී ආරම්භ වුණා. පළමු දිනය නිමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිද වැටී ලකුණු 258ක් ලබා සිටියා.

කාසියේ වාසිය ලබාගත් ශ්‍රි ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ය. දිමුත් ලකුණු 9කට දැවී ගිය අතර ඕෂධ ලකුණු 36යි. කලකට පසු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 54කට දැවී ගියා. ධනංජය සිල්වා ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි.

නොදැවී ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් වාර්තා කරමින් ශ්‍රි ලංකා ඉනිම ශක්තිමත් කරා. දිනය අවසානයේ ඇන්ජලෝ නොදැවී ලකුණු 114ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ලබා සිටිනවා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ යොවුන් ක්‍රීඩක නයීම් හසන් කඩුලු 2ක් බිද දැමුවා. ශඛ්බ් අල් හසන් සහ තයිජුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

අද තරගයේ දෙවන දිනයයි.

Read more

Local News