O/L දිනවලට අදාළ විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Share

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත්, මැයි 23 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

විභාගය නොපවැත්වෙන දහවල් 12.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සඳහා පැය 1 යි විනාඩි 45 හේ සිට පැය 2 යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

Read more

Local News