විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, පෙළපොත් බෙදා දීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි නිසි කලට සිදු විය යුතු අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (25) දින අධ්‍යාපන ලේකම් එම්. නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන ලේකම් ධුරයේ වැඩ භාරගත් අවස්ථාවට එක් වෙමිනි.



