අටළුගමදී දැරියක් අතුරුදන්

අටළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි ගැහැනු දරුවෙකු අතුරුදන්ව ඇති බවට ඊයේ (27) දිනයේ දෙමාපියන් විසින් බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

මෙලෙස අතුරුදන්ව ඇති දැරිය ඊයේ දිනයේ පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් ඇති වෙළෙඳසැලකට ගොස් ඇතිමුත් ඇය නැවත පැමිණ තිබුණේ නැහැ.

ඇය භාණ්ඩ මිලදී ගෙන වෙළෙඳසැලෙන් පිටව යන ආකාරයත් සිසිටීවි කැමරාවල සටහන් වී තිබුණා.