2022 IPL ශූරයන් ගුජරාට් ටයිටන්ස්

Share

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණා. පළමුවරට IPL තරගාවලිය සදහා ඉදිරිපත් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය ප්‍රථම ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එරෙහිව කඩුලු 7ක ජයක් ලබාගනිමින්.

පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 130 පමණයි. ගුජරාට් කණ්ඩායම පන්දුවාර 18.1 පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් සිය ජය වාර්තා කරා. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ජෝස් බට්ලර් ලබා ගත් ලකුණු 39යි. පන්දු යැවීමේ දී ගුජරාට් නායක හාර්දික් පාණ්ඩ්‍යා කඩුලු 3ක් බිද දැමුවා. ගුජරාට් ජය වෙනුවෙන් ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 45ක් සහ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 32ක් ලබාගත්තා.

අවසන් තරගයේ වීරයා ලෙස ගුජරාට් නායක හාර්දික් පාණ්ඩ්‍යා සහ තරගාවලියේ වීරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන දිනා ගත්තා.

මෙවර IPL තරගාවලිය සදහා ශ්‍රි ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී වූ අතර කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා. රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ වනිදු හසරංග තරගාවලියේ දෙවන වැඩිම කඩුලුලාභියා වුයේ සමස්ත කඩුලු 16ක් බිදහෙලමින්. එසේම ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ලැබුවා.

Read more

Local News