සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු අද සිට යලි ආරම්භ කිරීමට නියමිතයි.
බොරතෙල් ආනයනය නතර කිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුනේ පසුගිය මාර්තු මස විසි වනදායි.
ඒ අනුව මාස දෙකයි දින දහයකට පසුවයි පිරිපහදුවේ කටයුතු මෙලෙස ආරම්භ වන්නේ.
මේ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලට හිඟයකින් තොරව ඉන්ධන ලැබී තිබෙනවා.
එහෙත් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට තවමත් නිසි ලෙස ඉන්ධන ලැබී නැහැ.



