දින ගණනාවකට පසු ඇතැම් ප්‍රදේශවලට අද ගෑස් නිකුත් කෙරුණා.
දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් නිකුත් කළ ද එම ගෑස් ජනතාවට ප්‍රමාණවත් නැහැ.
මේ නිසා ගෑස් ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට දිවා රෑ නොබලා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිද්ධ වෙලා.
මාරුවෙන් මාරුවට ඇතිවන ඉන්ධන පෝලිම් හමුවේ මේ වන විට දිගු ඩීසල් පෝලිම්ද දක්නට ලැබෙනවා.
මේ අතර හෙට සිට යළිත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.



