ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000 ක් අද දිනයේත් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
මෙහිදී 60% කට ආසන්න වැඩි ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට බෙදා හැරීමටයි ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීම වෙනුවෙන් අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.