යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් දෙන්න ඉන්දීය අගමැති එකඟ වෙයි

Share

වාරිමාර්ග ක්ෂේත්‍රයේ මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාවය පළ කළ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින විස්සක් ඇතුළත බෙදා හැරීමටයි සැලසුම් කර ඇත්තේ.

එසේම යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් සීයට පනහක් මේ වන විටත් වපුරා තිබෙනවා.

Read more

Local News