ළමුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතුයි – කෝපා කමිටුව

Share

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට ළමුන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව අවධාරණය කරයි.

තවද මෙම විෂය සම්බන්ධයෙන් පළාත් සභා වෙත අරමුදල් ලබා දීමේදී විෂමතාවයකින් තොරව මුදල් ලබා දීම සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවද පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

එසේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ද කාරක සභාව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කොට තිබේ.

Read more

Local News