භාණ්ඩ හිඟයක් ඇතිවෙන්න ඉඩ දෙන්න එපා – වැඩිමිලට දෙන අය අල්ලන්න – ජනපති කියයි

Share

වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනමින් විසඳුම් සලසා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධනත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයින් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

තොග වෙළඳපොළට බෙදා හරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළඳසැලකට සෘජුවම ලැබීමට සැලැස්විය යුතුයි. එමගින් සිදුවන ප්‍රවාහන වියදම අවම වීමෙන් ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබා ගැනීමටත් ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමටත් හැකිවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළඳාම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දුන්නා.

දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර වෙළඳසැල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහ වෙළඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

Read more

Local News