අදින් ලිට්රෝ ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීම අවසන් කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
පසුගිය අඟහරුවාදා දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩබෑ ගෑස් තොග පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්රදේශවලට බෙදා හැරීමටයි ලිට්රෝ සමාගම කටයුතු කළේ.
අදත් ලිට්රෝ ගෑස් සිලින්ඩර 16,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා.
අද දින කොළඹ නගරයට පමණක් ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි ලිට්රෝ සමාගම නිවේදනය කළේ.
අලුත් නැවෙන් ගෑස් ගොඩබෑම සිදුකළ වහාම ලබන අඟහරුවාදා සිට යළිත් ලිට්රෝ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කිරීමට නියමිතයි.



