පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ ආරක්ෂකයෙකු වෙඩි තබාගනී

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ගේ ආරක්ෂකයෙකු වෙඩි තබාගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරන්නේ‍ මෙලෙස මිය ගොස් ඇත්තේ හමුදා සෙබළෙකු බවයි. මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි වැලවත්ත ප්‍රදේශයේ ඉඩමක් ආසන්නයේ දී ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති අතර සිදුවීමෙන් මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි හමුදා සෙබළෙකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔහුට අයත් රාජකාරී ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැලවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

Read more

Local News