ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – අගමැති ජනතාවගෙන් ඉල්ලයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළ ලෙසටම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද යළිත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ පවතින අර්බුදය හමුවේ රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් අච්චු ගැසීමට සිදුවන බවයි.

ඉන්ධන සහ ගෑස් ගෙන්වා ගැනීම බරපතල ගැටළුවක් වී ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරි සති තුන තුළ ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නා ලෙසත්, අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Read more

Local News