දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් පෙට්‍රල් සහ ඩීසල් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ නිසා එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



