අද දිනයේ සිට යළිත් ඩීසල් සහ පෙට්‍රල් ලබාදීම සිදුකරන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පැවසුවද ඉන්ධන නිකුත් කිරීම මෙතෙක් යථා තත්ත්වයට පත්ව නැහැ.
ඉන්ධන පෝලිම් දිගු වීමත් සමඟ නගර ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.
මේ අතර රජය පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දෙන බව පැවසුවද එය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නැති බවට බස් සංගම් චෝදනා කරනවා.
අද දිනයේ සියයට හැත්තෑවක පමණ පෞද්ගලික රථ ධාවනය වන්නේ නැති බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.



