කෝටියකට අධික හෙරොයින් සමග පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2022.06.07 වන දින මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්තනී රෝහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1340 ට හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.192 ක් සමග මට්ටක්කුලිය ප්‍රදේශයේ වයස අවු. 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

තවද හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වයස අවු. 24ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 10 කට අධික වන අතර ඉතා සූක්ෂම අයුරින් මෙම හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා හෙරොයින් තොගය ද සැකකාරිය ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Read more

Local News