විදුලිබල පනතට ගෙන එන සංශෝධනවලට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබුණා.
අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් සාකච්ඡාවක් පැවැත්වීමටයි කටයුතු කළේ.
අදාළ සාකච්ඡාවෙන් පසුව වර්ජනය තාවකාලිකව නතර කිරීමට විදුලිබල වෘත්තීය සමිති කටයුතු කළා.



