සඟවා ඇති සහල් තොග සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
එලෙස සඟවන ලද සහල් තොග සොයා පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් මේ වන විට රට පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ස්ථාන පන්සියයක් වටලා ඇති බවයි පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ප්‍රකාශ කළේ.
වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන එකසිය පනහකට එරෙහිව නඩු පැවරීම අද සිට සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ ස්ථාන දෙසීයකටත් නඩු පැවරෙනවා. සහල් තොග සඟවා තැබීම, මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩි මිලට අලෙවි කිරීම යන චෝදනා මතයි මෙම වැටලීම් සිදු කරන්නේ.