ඉන්ධන පෝලිම් ආශ්‍රිතව තවත් මරණයක්

Share

දින එකහමාරක කාලයක් පෝලිමේ සිට නිවසට පැමිණි පසු මෙම පුද්ගලයා තම පපු ප්‍රදේශය රිදෙන බව නිවැසියන්ට පවසා තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයා බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවැසියන් චෝදනා කරන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේදී ඔහුට නිසි ප්‍රතිකාර ලබා දුන්නේ නැති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි එක්දරු පියෙක්. මේ අතර රට පුරා තවමත් නොනවතින දිගු ඉන්ධන පෝලිම්.

Read more

Local News