ටෝකන් නිසා අදත් ජනතාව පීඩාවට

Share

පෝලිමේ ඉන්න ජනතාව රවට්ටපු තවත් ක්‍රමයක් තමයි ටෝකන්.

මේ නිසා ටෝකන් ලබාගන්නත් පෝලිම්වල ඉන්න වෙනවා කියලයි ජනතාව කියන්නේ. දවස් හයක් මෙතන ඉඳලා මේ ටෝකන් එක අපි අරගෙන යනවා. පවතින දිගු ඉන්ධන පෝලිම් වලට ටෝකන් නිකුත් කරන්න ගුවන් හමුදාව හා යුධ හමුදාව, බණ්ඩාරවෙලදී කටයුතු කළා.

හෙම්මාතගම පෙට්‍රල් පෝලිමේ සිටි පුද්ගලයින්ටත් ටෝකන් බෙදා දීම සිදු වුණා.

නමුත් ටෝකන්වලට පිටින් අත්‍යවශය සේවා සඳහා වූ පිරිසට ඉන්ධන ලබා දීම අසාධාරණ බවයි ජනතාව පවසන්නේ.

ඉන්ධන අර්බුදයත් සමඟ ඊයේ දින විවෘතව තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල බොහොමයක් පාසල් අද වසා දැමීමට සිදුවෙලා.

මේ නිසා ගුරුවරුන් වගේම සිසු දරුවන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.

Read more

Local News