චීනයේ සහල් පරිත්‍යාගය ශ්‍රී ලංකාවට

Share

චීනයෙන් මෙරටට පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලක් රජයට භාර දී තිබෙනවා.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් පන්දහසක් චීන තානාපති කාර්යාල නියෝජිතයින් ලක් රජයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

චීන, ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර හැත්තෑවක් සපිරීම නිමිත්තෙන් අමාත්‍ය බන්දුල පසුගිය ජනවාරි මස චීන තානාපති කාර්යාලය සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම සහල් තොගය මෙරටට ලබාදී ඇත්තේ.

මේ අතර තවමත් යල කන්නයේ වගා කටයුතු සිදුකරගෙන යාමට නොහැකිව ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

Read more

Local News