පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ළගා වේ

Share

රී ලංකාව සහ පාකිස්ථානය ටෙස්ට් තරග ද්විත්වයකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වන පාකිස්ථානු කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

දෙරට අතර පළමු තරගය ජූලි 16වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවන තරගය ජූලි 28වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජූලි 11වනදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග තෙදින පුහුණු තරගයකටද පාකිස්ථානු කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.

ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත පාකිස්ථානු කණ්ඩායමේ නායකත්වය බාබර් අසාම්ට හිමි වී ඇති අතර සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න හට පැවරී ඇත

ජූලි 16වනදා සිට සියලු තරග Siyatha TV ඔස්සේ සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ.

Read more

Local News