ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ ස්වෙච්ඡා වැඩපිළිවෙලක්

Share

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන්ගේ ස්වේච්ඡා සහභාගීත්වයෙන් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන බවත් ජූලි මස 25වැනි දින සිට QR කේතය භාවිතයෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.

අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News