ගාලු මුවදොර සිටි නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාරය කතෝලික රදගුරු සමුළුව හෙලා දකී

Share

ගාලු මුවදොර නිරායුධ සිවිල් වැසියන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

රට දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින සහ ජනතාව මින් පෙර කිසිදා නොවිඳී කියා නිම කළ නොහැකි දුෂ්කරතාවලට ලක්ව සිටින අවස්ථාවක මෙවැනි ජනතා විරෝධතා මර්දනය කිරීම රටේ ප්‍රතිරූපයට හානි වන බවයි කතෝලික රතුගුරු සමුළුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම මානව හිමිකම් යටපත් කිරීමේ බලහත්කාරී සහ අමානුෂික ක්‍රියාවකට යොමු වීම ජනතාවගේ නොසන්සුන්තාවය තවත් වර්ධනය කිරීමක් නිවේදනයක් නිකුත් කරමින් රදගුරු සමුළුව පවසන්නේ.

මේ අතර ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අවට ඊයේ රාත්‍රීයේත් දැඩි රැකවල් යොදා තිබුණා.

Read more

Local News