කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ යාමත් සමග මුව ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අද නිර්දේශ නිකුත් කළා.
ඒ අනුව සංවෘත ස්ථාන, පොදු ස්ථාන සහ මගී ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳිය යුතු බවයි අමාත්‍යංශය නිර්දේශ කර ඇත්තේ.
මේ අතර ඊයේ දින මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන හැත්තෑ පහක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කොවිඩ් ආශ්‍රිත මරණ දෙකක්ද ඊයේ දින වාර්තා වුණා.
දින දහයක් ඇතුළත මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ගණන හාරසිය අනූ දෙනෙකු වන අතර මියගොස් ඇති සංඛ්‍යාව එකොළහක්.