අද ඉන්ධන අවසන් ඉලක්කම 6, 7, 8, 9 වාහන සඳහා පමණයි

Share

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අදත් (28) දිවයින පුරා CEYPETCO සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී ක්‍රියාත්මක වන අතර, එය භාවිතයට ගැටලු ඇති පිරවුම්හල් සඳහා පමණක් අගෝස්තු පළමු වනදා දක්වා වාහනයේ අවසාන අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබාදී තිබෙනවා.

අද දිනයේ ඉන්ධන නිකුත් කිරීම සිදු වන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 සහිත වාහන සඳහා පමණයි.

මේ අතර ඊයේ දිනය වන විට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා පුද්ගලයින් 4,479,376 ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එමෙන්ම දිවයින පුරා Ceypetco පිරවුම්හල් 442 ක සහ IOC පිරවුම්හල් 94 ක ඊයේ දිනයේ මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි ඔහු පවසා සිටියේ.

Read more

Local News