ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරය ඉහළට – සුප්‍රසිද්ධ ඉන්දීය පුවත් සේවයක් වාර්තා කරයි

Share

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද හේතුවෙන් මෙරට කාන්තාවන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බව ඒ එන් අයි පෙන්වා දෙනවා.

දිනෙන් දින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකීය කාන්තාවන් සිය ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයින් බවට නැඹුරු වෙමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගලයකට මුහුණ දීමට සිදුවී ඇති බව ද ඒ එන් අයි පුවත් සේවය පෙන්වා දෙනවා.

මිලියන විසි දෙකක් පමණ වන ජනතාව දැවැන්ත දුෂ්කරතාවයන්ට මුහුණ දෙද්දී දරිද්‍රතාවයට සහ ආහාර හිඟයට මිලියන ගණනක් ජනතාව මුහුණ දෙමින් සිටින බව ද ඔවුන් පවසනවා.

ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල පිරිසකට මේ වන විටත් සිය රැකියා අහිමි වී ඇති බවත් දෛනිකව ලැබෙන මුදල් ප්‍රමාණයන්ද ප්‍රමාණවත් නොවන බවත් මාසිකව ලැබෙන වේතනයන්ද නිවසේ කටයුතු සිදුකර ගැනීමට ප්‍රමාණවත් නොමැති බවත් මෙම තත්වය තුළ ශ්‍රී ලාංකික කාන්තාවන් වැඩි වශයෙන් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වෙමින් ඇති බවයි ඉන්දීය පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඒ අනුව පසුගිය මාසය තුළ මෙරට ගණිකා වෘත්තිය සියයට තිහකින් පමණ ඉහළ ඇති බව ශ්‍රී ලංකාවේ සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වූ බවයි ඒ එන් අයි පුවත් සේවය පෙන්වා දෙන්නේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ කාන්තාවන්ගේ රැකියා අහිමිවීම මෙන්ම භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ යාම තුළ සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම නිසා කාන්තාවන් සුවතා මධ්‍යස්ථාන වෙත යොමු වෙමින් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වෙමින් සිටින බව ද අදාළ පුවත් සේවය වාර්තා කර ඇති අතර එම පුවත මේ වන විට ඉන්දීය ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ද ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටිනවා.

Read more

Local News