කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

Share

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද අලුයම සිට තද වැසි ඇතිවී තිබෙනවා.

තද වැසි නිසා හැටන් කොළඹ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගත් ජලයෙන් යටවී තිබුණා.

අධික වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීමේ අවදානම නිසා එම මාර්ග වල රථවාහන ධාවනයේදී සැලකිලිමත් විය යුතු බවයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටමද තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි වාරි ඉංජිනේරුවන් පවසන්නේ.

Read more

Local News