මධ්‍යම කඳුකරයට තවමත් තද වැසි

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇදහැළුණු අධික වර්ෂාපතනයෙන් පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා.

වටවල පොලිස් වසමේ හයිඩ් ප්‍රරදේශයට ඇති වූ ගංවතුරෙන් නිවාස විසිදෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

එම නිවාසවල පදිංචිව සිටි පවුල් විසිපහකට අයත් පුද්ගලයින් අසූවක් පමණ මේ වන විට අවතැන් වී තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ඉහල කොත්මලේ ජලාශ වාන් දොරටු දෙකක් තව දුරටත් විවෘතව පවතිනවා.

ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වයන්ක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.

අධික වර්ෂාපතනයක් සමඟ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි පහකට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාවයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News