අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මකයි.
එය සංවිධානය කරන්නේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයයි.
මහජනතාවගේ ජන අරගලයට නිසි ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කිරීම හා මහජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්තනයක් සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.
අද දිනයේදී ගාලු මුවදොර ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.