නොරොච්චෝලෙන් චීන කොවිඩ් පොකුරක්

Share

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සේවයේ නියුතු චීන ජාතිකයින් සියයකට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙම පිරිස නොරොච්චෝලේ බලාගාරයේ සේවයේ නිරතව චීනයට ගොස් නැවත පසුගිය සතියේ මෙරටට පැමිණ තිබෙනවා.

අනතුරුව ඇතැම් පුද්ගලයින්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත ගොස් පී සී ආර් පරීක්ෂාවක්ද සිදුකරගෙන ඇති බව වාර්තා වනවා.

එම පී සී ආර් පරීක්ෂණ වාර්තා අනුව චීන ජාතිකයින් එකසිය තුන් දෙනෙකුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් හරහා රෝගය තවදුරටත් පැතිර නොයාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Read more

Local News