අනවසරයෙන් ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහනය කිරිමට සුදානම් වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය මහනුවර අස්ගිරිය උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.එම්.ජී. ජගත් බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.16 වන දින හගුරන්කෙත පොලිස් වසමේ කුරුකොස් වත්ත තානායම අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 2140 ට නිසි බලධාරිකුගේ නිසි අවසරයකින් තොරව ඩීසල් ලීටර් 400 ක් හා පෙට්‍රල් ලීටර් 30 ක් කැබ් රථයක් මගින් ප්‍රවාහනය සදහා සුදානම් කරමින් සිටි හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හගුරන්කෙත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News