ගෝඨාභය 24 වනදා ලංකාවට – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.