ආසියානු කුසලානයේ තෙවන ස්ථානය ඉන්දියාවට

Share

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පැවැති 5 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 101ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී KL රාහුල් ලකුණු 62 ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 6 ක්, රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 20 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 122 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 04කට කඩුළු 05 ක් බිඳහෙලුවා.

ඒ අනුව ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ වීරයා බවට පත්වූයේ ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි.

Read more

Local News