ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

Share

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජය කිරීමත් සමඟයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71 ක්, වනිදු හසරංග ලකුණු 36 ක් ධනංජය ද සිල්වා ලකුණු 28 හා චාමික කරුණාරත්න ලකුණු 14 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147 ක් පමණයි. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Iftikhar Ahmed ලකුණු 32 ක්, Mohammad Rizwan ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළිමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හය වන වතාවට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

Read more

Local News