විපක්ෂය සහ සමන්තා පවර් අතර හමුවක්

Share

මේ අතර සමන්තා පවර් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් මෙන්ම නියෝජිතයින්ද හමුවී තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සමන්තා පවර් සඳහන් කර සිටියේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට විනිවිදභාවයෙන් සහ වගවීමකින් යුතුව කටයුතු කිරීම වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත වී ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

එමෙන්ම මෙරට කෘෂිකර් මාන්තයේ නිරත ගොවි ජනතාව සහ ආර්ථික අර්බුදය හමුවේ පෝෂණ ගැටලුවලට මුහුණ දී සිටින ජනතාව හමුවූ සමන්තා පවර් ඔවුන් සමඟ රටේ වත්මන් තත්වය හමුවේ සිදු වී ඇති පීඩාකාරී තත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඉන් අනතුරුව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ ජාත්‍යන්තර සංවර් ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන හතළිහක ආධාරයකුත් රටේ ආර්ථික තත්වය හමුවේ පෝෂණය අවශ්‍යතා ලබා ගැනීමට අපොහොසත් වූ අත්‍යවශ්‍ය පිරිස් වෙත සිය පෝෂණ අවශ් යතා සපුරා ගැනීම වෙනුවෙන් අමතර ඇමරිකානු ඩොලර් මිලියන විස්සක ආධාරයකුත් ලබා දීමට එකඟතාවය පළ කර සිටියා.

Read more

Local News