පසුගිය අගෝස්තු මස විසි දෙවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග තුන්සිය පහකට තාවකාලික ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කළා. මෙම ගැසට් නිවේදනය තහනම් කරන ලද ඇතැම් භාණ්ඩ යළිත් සීමාවන්ට යටත්ව ආනයනය කිරීමට අවසර ලබා දෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් එම ගැසට් නිවේදනය පසුගිය 9 වනදා සංශෝධනය කර තිබෙනවා.
මෙලෙස සංශෝධනය කරන ලද නව ගැසට් නිවේදනයට අනුව ඉදිකිරීම් ක්ෂේත් රයට අදාළ කාර්මික උපකරණ, සුවඳ විලවුන්, කාන්තා, අත්බෑග්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පාවහන් සහ සපත්තු, ගෘහ උපකරණ, නාන කාමර උපාංග ඇතුළු භාණ්ඩ රැසක් සීමාවන්ට යටත්ව ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.



