නෙළුම් කුලුන අද සිට ජනතාවට විවෘතයි

Share

නෙළුම් කුලුනේ උස මීටර් තුන්සිය පනස් හයක් වන අතර එය ලෝකයේ උසම කුලුනු අතර දහනම වන ස්ථානයේ පවතින්නේ.

එසේම දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන්නේද මෙයයි.

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් සමඟින් නෙළුම් කුලුන අද සිට (15) ජනතාවට විවෘත වෙයි.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය.ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි.

Read more

Local News