මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

Share

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී ඇත.

ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

Read more

Local News