නෞකා දෙකකින් රැගෙන ආ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්ද ගොඩබෑම් කටයුතු දින 02කට පෙර ආරම්භ කර ඇති අතර එම කටයුතු හෙට (17) උදෑසන විට අවසන් කිරීමට නියමිතයි.
තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එහි ගොඩබෑම් කටයුතු සිදුකිරීමට නියමිත බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරයි.




