ජීවිතය හරිම පුදුමාකාරයි. කොයි මොහොතේ මේ හැමදේම දාලා යන්න වෙයිද කියලා අපි කාටවත්ම කියන්න බැහැ. රෝහල්වල රෝගීන් ගත්තොත් විනාඩිය දෙක හරි ඒ අය ජීවිතයේ යදිනවා.
නමුත් දැන් තියෙන තත්වයත් එක්කම අපි හැමෝටම සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙන හැම දෙයක්ම දිහා අසරණව බලා ඉන්න විතරයි. රෝහල්වල ඖෂධ නැහැ. ෆාමසිවල බෙහෙත් මිල අහස උසට. රුපියලකින් දෙකකින් නෙවෙයි. රුපියල් දාහකින්, දෙදහකින් මේ බෙහෙත් මිල ඉහළ ගිහින්. මේ ඖෂධ මිල වගේම බෙහෙත් හිඟකම ගැන අප ඖෂධහල් කිහිපයකින්ම විමසීමක් සිදු කළා.



