දකුණු පළාත් වතු පාසල්වල ළමුන්ගේ පැමිණීමේ අඩුවක්

Share

ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටක් ශ්‍රී ලංකාව. බඩු මිල අහස උසට ඉන්ධන මිල ජනතාවට දරාගන්න බැරි තරම්. මේ නිසාම ලෝකයේ රටවල් බොහෝමයක් අපිට ණය දුන්නා.

ඒ ආර්ථික අර්බුදයෙන් අපිට මෙහෙම වුණේ ඇයි කියලා ලෝකයටම කියන ගමන්මයි. පසුගිය දිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණයක් ලබා දීමට එකඟ වුණා. එයද ලබා දෙන්නේ මාස හතළිස් අටක් ඇතුළත කොටස් වශයෙන්. ඒ වගේම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ඩොලර් මිලියන හැටක් ලබා දීමට එකඟ වුණා.

ඒ රටේ දූ දරුවන්ගේ පෝෂණයට වගේම ගොවි ජනතාවගේ සුභ සිද්ධිය සඳහායි. මෙරට තිරසාර සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 22.83ක මුල්‍ය ආධාරයක් ලබා දීමට යුරෝපා සංගමයද පියවර ගෙන තිබෙනවා.

සශ්‍රිකත්වයේ සංකේතය වගේම පෙරදිග ධාන්‍යාගාරය වූ අපේ රටට අද අත්වෙලා තියෙන තත්වය ඛේදනීයයි. බොහෝ පාසල් ළමුන්ගේ පාසල් ගමන අතරමග නැවතිලා. ග්‍රාමීය පාසල් ගුරුවරුන්, දෙවිවරුන් වෙලා මේ අසරණ ජීවිතවලට හෙවනැල්ල වෙන ආකාරය අපට අද වාර්තා වෙමින් තිබෙනවා. ගාල්ල, කිතුලම්පිටිය, ආනන්ද විදුහලේ සියලුම සිසු දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබා දෙන්න විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

සතියකට එක් දිනක් මේ විදිහට තමන්ගේ පරිත්‍යාගයෙන් දරුවන්ගේ කුසගින්න නිවන්න දායක වීමද අගය කළ යුතුයි.

දැන් රටේ තිබෙන ආර්ථික තත්වයත් සමගම දකුණු පළාත් වතු පාසල්වලට ළමුන්ගේ පැමිණීම සීඝ්‍ර ලෙස අඩු වෙමින් තිබෙන බවයි දකුණු පළාත් සිවිල් සංවිධාන එකමුතුව ප්‍රකාශ කළේ.

Read more

Local News