නෙළුම් කුළුණේ පලමු දින ආදායම මිලියනය ඉක්මවයි

Share

ජනතාවට විවෘත කෙරුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වනවා. ඒ අනුව නෙලුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසන්නේ රුපියල් මිලියන එකයි දශම දෙකක ආදායමක් ඊයේ දිනයේ උපයා ගත් බවයි.

පුද්ගලයින් දෙදහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ඊයේ දින නෙලුම් කුළුණ නැරඹීම සඳහා පැමිණ තිබුණා. කොළඹ නෙලුම් කුළුණ තුළට පිවිසීම සඳහා රුපියල් පන්සීයක ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු බව ප්‍රධාන පරිපාලකවරයා පවසනවා.

විදේශිකයකුගෙන් අය කරන ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් විස්සක්. ඒ අනුව සතියේ දිනවල පස්වරු දෙකේ සිට රාත්‍රී එකොළහ දක්වාත්, සතිඅන්තයේ දහවල් දොළහේ සිට රාත්‍රී දොළහ දක්වාත්, නෙළුම් කුළුණ නැරඹීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.

Read more

Local News