ප්‍රියමාලි මාස 8ක් ව්‍යාපාරික ස්ථානයට කුලී ගෙවා නැති බවට තොරතුරු

Share

තිලිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානය සඳහා මාස 8ක කුලී මුදලක් ගෙවා නැති බවට තොරතුරු වාර්තා වනවා.

එක් මසක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 16ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

මහාපරිමාණ මූල්‍ය වංචා රැසකට අදාලව මිට පෙර ලැබුණු පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීමේදී මේ පිලිබදව හෙළි වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයින්ට අදාල ස්ථානයට යාමට පමණක් අවසර ලබා දී ඇති අතර එහි කටයුතු පවත්වාගෙන යාම නතර කර තිබෙනවා.

Read more

Local News