යාල සත්තු බය කරපු 09 දෙනෙක් අධිකරණයට

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට පීඩා වන ආකාරයට කටයුතු කළ පුද්ගලයින් 9 දෙනෙකු අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නිලධාරීන් 7 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුව තිබෙනවා.

නිලධාරීන් පිලිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleඑංගලන්තයට ලකුණු 158ක ඉලක්කයක්
Next articleද්විත්ව පුරවැසිභාවය විසඳාගත යුත්තේ අධිකරණ ක්‍රියාදාමයෙන් – කැබිනට් ප්‍රකාශක