අඩු බරට පාන් අලෙවි කළ වෙළඳසැල් කිහිපයකට වැඩ වරදී

මේ අතර නියමිත බරට පාන් අලෙවිය සිදු කරන්නේ නැති බවට ජනතාවගෙන් දිගින් දිගටම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි ලැබී තිබුණා.

එලෙස ගම්පහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, අඩු බරට පාන් අලෙවි කරන වෙළඳසැල් නමයකට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

නිෂ්පාදන වියදම අධික නිසා රුපියල් දෙසීයකට අඩුවෙන් පාන් ගෙඩියක් නියමිත බවට අලෙවි කරන්නට බැරි බව වෙළඳුන් මෙහිදී ප්‍රකාශ කළා.

Previous articleවගා කටයුතුවලට යූරියා පමණක් ප්‍රමාණවත් නෑ – ගොවීන් කියයි
Next articleනොරොච්චෝලේ ජාතික පද්ධතියට එක් කිරීම කල් යයි