පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්

Share

ශ්‍රී ලංකාවට ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි තද වැසි ද, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි මි.මී 100ක ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News