කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Share

රජය ගෙන යන මූල්‍ය ප්‍රතිපත්තිය තුල ක්‍රමානුකූලව භාණ්ඩ මිල ගණන් අඩු කිරීමට බලාපොරාත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ මතුපිට උද්ධමනය 66% ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වුණා.

එමෙන්ම සැප්තැම්බර් මාසයේ 94.9% ක් ලෙස පවතී ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 85.6% ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.

ආහාර කාණ්ඩයේ මිල ගණන් 0.75% කින් පහළ යාම හමුවේ මෙම තත්වය වාර්තා වූ බවයි අදාල වාර්තා පෙන්වා දෙන්නේ.

එහෙත් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝම්බර් මාසයේ සන්නිවේදන, රෙදිපිළි හා පාවහන් ආපනශාලා හා හෝටල් යන කාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හමුවේ අහර නොවන කාණ්ඩයේ මාසික මිල ගණන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව අදාල වාර්තාවේ පෙන්වා දෙනවා.

Read more

Local News